hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 25, ප.ව. 7:39



යාපනය, මහනුවර ඒ නවය මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේදී අද (25) දින පෞද්ගලික බස්රථයක් වෑන්රථයක ගැටී පෙරළීයාම හේතුවෙන් බස්රථයේ ගමන්ගත් පුද්ගලයින් 11 දෙනකු තුවාල ලබා ඇතැයි කොඩිකාමම් පොලිසිය සඳහන් කරනවා.

යාපනය සිට කොඩිකාමම් දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී ඇති බවටත් වෑන් රථයේ ගැටුනු බස්රථය මාර්ගය හරහා පෙරලීගොස් ඇති බවටද පොලීසිය පැවසුවා.

බස් රථය පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන්ගෙන් තුවාල ලැබූවන් චාවකච්චේරි රෝහලට රැගෙන ගොස් ඇති අතර තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් දෙදෙනකුද සිටිනවා.

බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රියපැදවීම මෙම අනතුරට හේතුව බවටත් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.