hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 ජනවාරි 16, ප.ව. 2:57



ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයකින් ඇද වැටි පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පැවසුවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි නාවලපිටිය උඩහින්තැන්න ප්‍රදේශයේ පදිංචි හසිත දේවින්ද්‍ර හැවිරිදි පාසල් සිසුවෙක්.

ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා නාවලපිටිය නගරයේ උපකාර පන්තියකට සහභාගි වි ආපසු නිවස කරා ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදි නිවස ආසන්නයේදි බස් රථයෙන් බැසීමට උත්සහ කිරිමේදි පාසල් සිසුවා බස් රථයෙන් ඇද වැටි ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පස් කන්දක ගැටී බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කුරුදුවත්ත පොලිසිය කියා සිටියේ.

මෙම අනතුර ඊයේ (15) රාත්‍රි 7.00ට පමණ සිදු වී ඇති බවත්, බස් රථය නතර කිරීමට ප්‍රථම පාසල් සිසුවා බස් රථයේ ඉදිරිපස පාපුවරුවෙන් බැසීමට උත්සහ කිරීමේදි පාසල් සිසුවා බස් රථයෙන් ඇද වැටී පස් කන්දේ ගැටී ජිවිතක්ෂයට පත් වි ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය සැක කරනවා.

බස් රථයේ රියදුරා කුරුවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර රියදුරා ගම්පොල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව කුරුදුවත්ත පොලිසිය පැවසුවා.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.