hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මාර්තු 21, ප.ව. 12:12



හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද අලුයම  පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගෙන් ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම  විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කළා.

ගින්න හට ගැනීමත් සමගම මගින් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම මෙම ගිනි ගැනීම බස් රථයේ ඉදිරිපස කොටසින් ඇතිවූ  දුමාරයත් සමඟ  හටගෙන ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

බස්රථයේ එම අවස්ථාවේ මගින් 40කට අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැහැ.

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

ගිනි ගැනීමත් සමගම හොරණ රත්නපුර මාර්ගයේ බොරු ගොඩ ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට තරමක  බාධාවක් ද සිදු වුණා.

බස් රථයේ රෝද හතර හැරෙන්නට අනෙක් සියලුම උපාංග විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවට සිතිය හැකි යැයි යයි පොලීසිය සඳහන් කරයි.