hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 ජනවාරි 26, ප.ව. 4:47



පිළියන්දල කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු පෞද්ගලික බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ යක්කලමුල්ල,පොල්පාගොඩ පදිංචිව සිටි 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

පිළියන්දල පොලීසිය පැවසුවේ යතුරුපැදිකරු පිළියන්දල දෙස සිට කොළඹ දෙසට සිය යතුරු පැදියෙන් යාමේදී යතුරු පැදියෙ ඉදිරිපස රෝදයේ තිරිංග පැඩලය කැඩී යාමත් සමඟම යතුරු පැදිය පෙරළී පිටුපසින් පැමිණි කැස්බෑව සිට කොළඹ දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයේ ඉදිරිපස දකුණු රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුවූ බවයි.

බරපතල තුවාල ලද යතුරුපැදිකරු ත්‍රිරෝද රථයකින් වේරහැර කොතලාවල ආරක්ෂක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පැය කීපයකට පසු මියගොස් තිබෙනවා.

බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.