hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ජූනි 18, පෙ.ව. 2:12



සීනිගම දේවාලයට මීටර් එකසිය පනහක් පමණ කොළඹ දෙසට වන්නට පිහිටි යතුරු පැදි අලුත්වැඩියා කල ස්ථානයක් අසලදී ඊයේ (17) දහවල් මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

එම ස්ථානයේ නවතා තිබූ කැබ් රථයකට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ කැබ් රථයේ සිටි පුද්ගලයා වෙඩි වැදීම් තුවාල සහිතව හික්කඩුව පොලීසිය වෙත සිය කැබ් රථය පදවාගෙන පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ හික්කඩුව පොලිස් නිලධාරීන් සුවසැරිය ගිලන් රථයකින් තුවාලකරුව කරාපිටිය රෝහලට ඇතුලත් කළා.

තුවාලකරුගේ අතකට සහ පිටට වෙඩි වැදීමෙන් තුවාල සිදුව ඇති අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවයි පොලීසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු රත්ගම මිතුරු නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ සහෝදරිය විවාහ කරගෙන සිටි පුද්ගලයා බව ද පොලිසිය සඳහන් කළා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.