hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 29, ප.ව. 5:23



තියුණු ආයුධ ඇතිව මොරගහහේන, ඔලබොඩුව, පින්න කොළ වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට හා යාබද නිවසකට කඩා වැදී දේපල රැසකට අලාභානි කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් සමඟ පහර දීමට යොදා ගත් කඩුවක් සහ අඩියක් පමණ දිගති කිණිස්සක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා තියුණු ආයුධ රැගෙන පැමිණ නිවැසියන්ට තර්ජනය කරමින් නිවස ඉදිරිපිට සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට සහ තවත් දේපල රැසකට පහරදී අලාභානි සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළා.

කලකට ඉහත දී ව්‍යාපාරික නිවැසියන් හා පැවති ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදු කළ පහර දීමෙන් නිවස ඉදිරිපිට සවිකර තිබූ ආරක්ෂිත කැමරාවලට, දොර ජනේල වලට හාන්සි පුටුවකට, හා යාබද නිවසේ ගේට්ටුවකට , ජනෙලවලට ද බරපතළ හානි සිදු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් එම නිවස දෙකට තියුණු ආයුධවලින් පහර දෙන අයුරු නිවසෙහි සවිකර තිබෙන සීසීටිවී කැමරාවක සටහන්ව ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 සහ 43 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි . මල්ලිකාරචිචි පොලිස් සැරයන් 9294 රෝහණ 13428 සම්පත් 91214 වන්නිනායක මහත්තුරු පරීක්ෂණ පවත්වයි.