hit counter

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා

2023 ජූනි 20, පෙ.ව. 1:32



යාපනය චාවකච්චේරි පොලිස් වසමට අයත් කයතඩි මංසන්ධියේ පිහිටි සුපිරි වෙළඳසැලකට ඇතුල් පුද්ගලයින් විසින් වෙළඳසැලේ තිබූ මුදල් හා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම සුපිරි වෙළඳැලට ඇතුල්වී එහි මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 3 කට අධික මුදල් සහ වෙළඳසැලේ තිබූ කිරිපිටි, බීම වර්ග සහ ආහාර වර්ග රැසක් සොරාගෙන ගොස් ඇති බවට වෙළඳසැලේ හිමිකරු විසින් පොලීසියට පැමිණිළි කොට තිබෙනවා.

සුපිරි වෙළඳසැලට සොරෙකු ඇතුල්වන ආකාරය වෙළඳසැල තුල තිබූ සී.සී.ටී.වී. කැමරාවන්හි දර්ශනය වවුවද සොරුන් විසින් සූක්ෂමව අඩි සලකුණු, ඇඟිලි සලකුනු නොවදින අයුරින් අත්මේස් සහ පාවහන් පැළඳ සිටි අතරම මුවද ආවරණය කොට ඇති අයුරු දැකගත හැකි වෙනවා.

කෙසේ වෙතත් අදාල සොරකම සිදුකරන ලද පුද්ගලයින් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර සී.සී.ටී.වී. කැමරා ආශ්‍රයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ