hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 20, ප.ව. 9:21



මිල්ලනිය කිම්මන්තුඩාව නර්තන ශිල්පියෙකුගේ නිවසට ඊයේ (19) රාත්‍රියේ යකඩ පොලු අතැතිව පැමිණි හමුදා සෙබළකු සහ ඔහුගේ සහෝදරයා එල්ල කළ ප්‍රහාරයෙන් රුපියල් ලක්ෂ ගණනාවක දේපළවලට අලාභ සිදු වී ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.

එම පුද්ගලයන් දෙදෙනා මරණීය තර්ජනය කරමින් නර්තන ශිල්පියාට පහරදීමට සොයන අවස්ථාවේදී ඔහු නිවසින් පලාගොස් සැඟවී තිබෙනවා.

ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

නර්තන ශිල්පියා පදිංචි ඉඩම මුල් අයිතිකරුගේ ඇවෑමෙන් පැවරීමට කටයුතු කරන බවට බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලිපිය ලැබී දින කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

හමුදා සෙබළා සහ ඔහුගේ සහෝදරයා එල්ල කළ ප්‍රහාරයෙන් නිවසේ වීදුරු ජනෙල් වලට, නිවස ඉදිරිපිට තාප්පෙ සවිකර තිබෙන විදුලි බල්බ වලට, ආරක්ෂිත කැමරා වලට මෙන්ම, ඉදිරිපස ගේට්ටුවට ද බරපතළ අලාභ සිදු වී ඇත.

නර්තන ශිල්පියා  එම අවස්ථාවේදී දිව ගොස් සැඟවී පණ බේරා මැර පිරිස එල්ල කළ ප්‍රහාරය ආරක්ෂිත කැමරාවේ සටහන් වෙනවා.

මිල්ලනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.