hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 11, ප.ව. 7:36



නිට්ටඹුව ප්‍රදේශයේ නිවසක ගැලුමක දමා තිබූ භූමිතෙල් පානය කළ දෙහැවිරිදි පිරිමි දරුවකු වතුපිටිවල රෝහලටත්, පසුව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ නිට්ටඹුව, රන්පොකුණගම පදිංචිව සිටි ගුන්වින්නවඩු යස්මිත රවීස් හංසක බණ්ඩාර නමැති සිඟිත්තෙක්.

මියගිය සිඟිති දරුවාගේ හදිසි මරණ පරීක්‍ෂණය ඊයේ (10) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක උසාවියේ දී පැවැත්වුණා.

කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයේ දී සාක්‍ෂි දුන් රංගජීව විජේසිරි යන අය පවසා ඇත්තේ තමා දරුවා සමග ආයුධ ගබඩා කර තිබූ කාමරයට ගිය බවයි.

බල්ලාට කෑම දීමට ගිය අවස්ථාවේ දරුවා කහින සද්දයක් ඇසී බැලූ බවත්, එහිදී දරුවා ලීටර් පහේ භූමිතෙල් ගැලුම අසල සිටි බවත් භූමිතෙල් ගැලුමෙන් සුළු ප්‍රමාණයක් භූමිතෙල් තිබූ බවත් ඔහු සාක්‍ෂියේ දී පවසා තිබෙනවා.

පසුව දරුවාගේ කට සේදූ බවත්, ඉන් අනතුරුව දරුවා වතුපිටිවල රෝහලට රැගෙන ගිය බවත් එහිදී දරුවා ව බොරැල්ල ළමා රෝහලට මාරු කළ බවත් ඔහු සාක්‍ෂි දෙමින් කියා තිබෙනවා.

මේ පිළිබඳව නිට්ටඹුව පොලිසිය හා මරදාන පොලිසියේ සැරයන් කොඩිතුවක්කු (48740) හා බොරැල්ල ළමා රෝහල් පොලිසියේ කොස්තාපල් කීර්ති කුමාර (67072) වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.