hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 14, ප.ව. 2:33



යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමට අයත් මූලායි මුන්කොඩෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් කිරි එළදෙනකගේ පාදයක් වෙන්වන සේ කිසියම් පුද්ගලයෙකු විසින් කපා දමා ඇතැයි ඊයේ (13) දින පැමිණිළි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

මුන්කොඩෙයි ප්‍රදේශයේ පිහිටි තණකොළ පිට්ටනියක තණකොළ කෑම සඳහා එළදෙනගේ හිමිකරු විසින් පිට්ටනියට මුදාහැර ඇති අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති අතර කිසියම් තියුණු ආයුධයකින් පාදවලට පහර දීමෙන් එක් කකුලක් වෙන්ව කැපී අනෙක් පාදයට බරපතල තුවාල සිදුව ඇතැයිද වාර්තා වෙනවා.

ගවයාට පහර දීමෙන් පසුව ගවයා බිම වැටී සිටිනු දැක ගව හිමියා විසින් ගවයා ගෙවත්තට රැගෙන ගොස් ආහාර පානාදිය ලබා දුන්නද කිරි එලදෙන ආහාර නොගැනීම හේතුවෙන් මරනාසන්නව සිටින බවටද ගව හිමියා විසින් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

අනතුරුව අදාල ගවයා පරික්ෂා කිරීම සඳහා පොලීසිය සහ පශු වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් ගොස් ගවයාට ප්‍රතිකාර කිරීමට පියවර ගත් අතර අදාල ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ