hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 02, ප.ව. 9:23



රුපියල් 100ක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 27 හැවිරිදි තරුණියක් තියුණු ආයුදයකින් පහරදී ඝාතනය කිරීමේ අවාසනාවන්ත පුවතක් රත්නපුර – ඇලපාත – මාහිරාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය සේවය නිමවා නැවත නිවස බලා එමින් සිටියදී මාර්ගයේ රැඳී සිටි තරුණයෙකු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළ්.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.

ඇයගේ සැමියාද එම සේවා ස්ථානයේම සේවයේ නිරතව සිට ඇති අතර ඉදින ඔහු සේවයට ගොස් නොමැත.

ඝාතනය සිදුවූ දින පස්වරුවේ එම කාන්තාවගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාලු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා සිට තිබෙනවා.

කාන්තාව විසින් එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පිහියකින් ඇයගේ සිරුරේ ස්ථාන 3කට ඇන ඇති බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබෙනවා.

පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ලද රැගෙන සැකකරු පළාගොස් තිබෙනවා.

තම බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බැලීමත් සමඟ අදාළ කාන්තාවගේ සැමියා විසින් ඇයව රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තා වෙනවා.