hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 ජූනි 15, ප.ව. 6:03



කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රදේශයේ පදිංචි පවුලක අවුරුද්දක් වයසැති දැරියක් පුටුවෙන් වැටී මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

අදාල දැරිය සහ දෙමාපියන් නිවසේ රැඳී සිටින අවස්ථාවේදී දැරිය නිවසේ සාලයේ තිබූ පුටුවේ සෙල්ලම් කරමින් සිටි ඇත්තේ මව පියා ඉදිරිපිටදී වන අතර පසුව මව පියා මුලුතැන්ගෙට ගිය අවස්ථාවේදී දැරිය පුටුවෙන් වැටී තිබෙනවා.

දැරිය පුටුවෙන් වැටී හිස වැඳීමෙන් සිහිමුර්ජා වී ඇති අතර පසුව එම අවස්ථාවේදීම දෙමාපියන් විසින් දැරිය මුලංකාවිල් රෝහලට රැගෙන යාමට පියවර ගත්තද දැරිය රැගෙනයන අතරතුරදී මිය ගොස් ඇති බවට වාර්තා වෙන්නේ.

දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යොමු කොට ඇති අතර දෙමාපියන්ගේ නොසැලිකිලිමත් බාවය හේතුවෙන් මෙවැනි කුඩා දරුවන්ගේ මරණ කිහිපයක්ම උතුරු පලාතෙන් වාර්ථා වූ බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලසිය වැඩිදුරටත් පැවසුවා.