hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 26, ප.ව. 4:38



පොරවකින් පහර දි බිරිද ඝාතනය කර සැකකාර සැමියා අද (26) අලුයම නුවරඑලිය පොලිසියට භාර වු බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසුවා.

මෙසේ පොරවකින් පහර දී ඝාතනය කර ඇත්තේ නුවරඑලිය පොලිස් වසමට අයත් ඔලිපන්ට් වතු යායේ ඉහල කොටසේ පදිංචි සුබ්‍රමණියම් සත්‍යවාණි (26) නැමති දෙදරු මවයි.

සැකකාර සැමියා සහ බිරිද ඊයේ (25) දින එකට එක්ව මත්පැන් පානය කර සැමියා තමන්ට රාත්‍රි ආහාරය රැගෙන එන ලෙස බිරිදට පවසා ඇති අතර, බිරිද ආහාර රැගෙන ඒමට ප්‍රමාද විම පිලිබදව සැමියා සොයා බැලිමේදි මුළුතැන්ගෙට ගිය බිරිද දුරකථනයෙන් කථා කරමින් සිට ඇති බවත්, එම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුරදිග යාමෙන් පසු බිරිද මුලින්ම සැමියාට පහර දි ඇති බවත්, එයට උරණ වු සැමියා නිවසේ තිබු පොරොවේ අනෙක් පසින් (නොකැපෙන පැත්ත) හිසට පහර දි ඝාතනය කර ඇති බවට දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇති බව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවා.

මිය ගිය දෙදරු මවට අවුරුදු 7 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගත් සැකකරු නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසිය පැවසුවා.