hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 28, පෙ.ව. 10:07



හිස තියුණු ආයුධයකින් වෙන්ව සේ කපා ඝාතනය කර ඇති මළ සිරුරක් සොයාගෙන ඇති බව අකුරැස්ස පොලිසිය පවසයි.

මරණකරු අකුරැස්ස, තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලුගම හේන ස්ථානයේ පදිංචිව සිටි ⁣දෙදරු පියෙක්.

ඊයේ (27) උදෑසන මරණකරුගේ නිවසට පැමිණ ඇති සැකකරු මෙම පුද්ගලයාගේ හිසට තියුණු ආයුධයකින් පහර දී හිස ශරීරයෙන් වෙන් කර ඇති අතර හිස නිල්වලා ගඟට දමන්නට ඇතැයි අකුරැස්ස පොලිසිය සැක පළ කරයි.

මෙම සිද්ධියේදී මරණකරුගේ බිරිඳ සහ එක් දියණියක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරමින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ යාබද නිවසේ පදිංචි 29 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මෑතක් වන තෙක් ම ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කර ඇති අතර රෝගාතුරව සිටි මරණකරුගේ එක් පාදයක් කපා ඇති බැවින් පසුගිය කාලයේ නිවසේ සිට ශාස්ත්‍ර කීම සිදු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.