hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 30, පෙ.ව. 10:26



පසුගිය 27 වනදා අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේදී සිය මව්පියන්ට හූනියමක් සිදු කර ඇති බව පවසමින් 70 හැවිරිදි කපු මහතෙකු ඝාතනය කර ඔහුගේ හිස නිල්වලා ගඟට දැමූ 24 හැවිරිදි සැකකරු අකුරැස්ස, හේනගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (29) මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලබන ජූලි මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.

සැකකරු ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ පුද්ගලයාගේ හිස නිල්වලා ගඟට විසි කිරීම සඳහා රැගෙන යන අයුරු CCTV කැමරාව සටහන් වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධයෙන් සැකකරුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සිදු වූ අවස්ථාවේදී පියා සිය පුත්‍රයාට ඝාතනය සිදු කිරීම සඳහා මරණකරුව අල්ලාගෙන සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මරණකරු අකුරැස්ස, තිබ්බොටුවාව, තලගස්ස රවුම් පාර කලුගම හේන ස්ථානයේ පදිංචිව සිටි ⁣දෙදරු පියෙක්.

මෙම සිද්ධියේදී මරණකරුගේ බිරිඳ සහ එක් දියණියක් බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.