hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 21, ප.ව. 9:38



අද (21) සවස බදුල්ල නගරයේදී සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බැව් බදුල්ල පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ශ්‍රී විමධර්ම මාවතේ පදිංචි වයස අවුරුදු 46ක් වූ වෙරල ආරච්චිගේ දිනේෂ් දුමින්ද නැමති අයෙක්.

බදුල්ල බැංකුව පාරේ ස්ථානයකදී මෙම පිහි ඇණුම සිදුකර තිබෙනවා.

පිහි පහර වැදී බිම ඇද වැටී සිටි පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.

පිහි ඇනීම සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිහි ඇණුම සිදු කල පුද්ගලයාද මෙතෙක් අත් අඩංගුවට ගෙන නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලීසිය සිදු කරනවා.

(බදුල්ල – ජයලත් දිසානයක)