hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 ජූලි 04, ප.ව. 8:02



දින තුනකට ප්‍රථම අතුරුදහන් වූ දෙදරු මවගේ සිරුර කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබී අද(04) දින පස්වරුවේ සොයාගත් බව වටවල පොලිසිය පැවසුවා.

මෙසේ ඇළ මාර්ගයේ තිබි සොයාගෙන ඇත්තේ වටවල පොලිස් වසමට අයත් අගරකන්ද වතුයායේ පදිංචි එස්.විජේලෙච්චුමි නැමති 54 හැවිරිදි දෙදරු මවගේ සිරුරයි.

දෙදරු මව දින තුනකට ප්‍රථම සිට නිවසින් අතුරුදහන් වි ඇති බවට ඇයගේ ඥාතින් විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව වටවල පොලීසියේ නිලධාරින් සහ අගරකන්ද වතුයායේ වතු කම්කරුවන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

සෝදිසි මෙහෙයුමේදී අතුරුදහන්ව සිටි දෙදරු මවගේ සිරුර අගරකන්ද රක්ෂිතය හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි හමු වී තිබෙනවා.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව වටවල පොලිසිය පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ