hit counter

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, ප.ව. 8:45



යාපනය ඌර්කාවත්තුරෙයි මුහුදු තීරයේදී මුහුදු ගිය ධීවරයෙකුගේ මළසිරුරක් පාවී ගොඩ ගසා තිබියදී සොයාගත් බවට ඌර්කාවත්තුරෙයි පොලීසිය පවසයි.

මිය ගොස් සිටි ධීවරයාගේ මළ සිරුර වෙරලට ගොඩ ගසා ඇති බවට ප්‍රදේශයේ ධීවරයෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

අදාළ ධීවරයා මසුන් ඇල්ලීම සඳහා ගිය යාත්‍රාවද නොමැති අතර ධීවරයා මිය යාමට නිශ්චිත හේතුවක් අනාවරණය නොවීම හේතුවෙන් මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටද පොලීසිය පැවසුවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි ටී. නයිනාස් නැමති අයෙක්.