hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 01, ප.ව. 3:32



පොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකරවැවිල ප්‍රදේශය හරහා කැළණි ගගට ජලය ගලා බසින ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක් සහ ඇයගේ මිණිබිරිය සැඩ පහරට අද (01) ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පැවසුවා.

ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පෙර පාසලට ගොස් මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසල ඇළ මාර්ගයක් තරණය කිරිමට යාමේදී දෙදෙනාම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් ඇති බවයි පොලීසිය කියා සිටියේ.

සැඩ පහර හසු වි ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත්ව සිටි මිත්තණියගේ සිරුර ඇළ මාර්ගයට පහලින් තිබි හමු වූ බවත්, අතුරුදහන්ව ඇති මිණිබිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඇළ මාර්ගයේ තිබී හමු වු මිත්තණියගේ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති බව පොල්පිටිය පොලිසිය පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ