hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 9:07



බිරිඳ විදෙස්ගතව මාස තුනක් ගත වූවායින් පසු ඇය ගෙන්වා ගැනීමේ පරමාර්ථයෙන් විදෙස්ගතව සිටින බිරිඳටත් හා ඒ බිරිඳ මගින් විදෙස් ගත කලැයි කියන කුරුණෑගල ප්‍රදේශයේ විදෙස් රැකියා ආයතනයටත් තම පස් හැවිරිදි දරුවා දැඩි අනතුරක හෙළමින් වීඩියෝ පටයක් නිපදවා ප්‍රසිද්ධ කළ බව කියන අයෙකු කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම් වීඩියෝ දසුන් පෙළෙහි මරණ බියෙන් පසු වන දරුවා හා එම දරුවාගේ මිත්තණිය ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ වීඩියෝව ඉකුත් 13 දා ඉදි කිරීම වෙනුවෙන් කඩා බිද දැමීමට නියමිත නිවසකට ගොස් දැමීමට නියමිත නිවසකට ගොස් පටිගත කළ බවත් ඒ හේතුවෙන් පියා අතැතිව තිබූ පිහියට තමන්ගේ ගෙළ ප්‍රදේශය වේදනාවක් මේ වන විටත් පවතින බවත් එහිදී අදාළ දරුවා විසින් පොලීසියට පවසා තිබෙනවා.

කෙසේවෙතත් කිසි දිනක නොලැබුන සෙනෙහසක් පොලීසියෙන් ලද එම දරුවා යළි තමන්ව පියාට භාර නොදෙන ලෙසට ඉල්ලා තිබෙනවා.

එහෙත් තම මව තමාට සෙල්ලම් බඩු බාහිරාදිය ගෙන ඒම සදහා විදෙස් ගතව ඇතැයි ද පවසමින් කෙළි දෙලෙන් පසුවෙමින් දිගින් දිගටම පියා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වන විටත් දරුවාගේ ප්‍රකාශ ආදිය ලබා ගනිමින් ඇති පොලිසිය අත්අඩංගුවට ගත් දරුවාගේ පියා අදාල සිදුවීම පිළිබඳ කරුණු දක්වමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර