hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 7:10



බොරලැස්ගමුව, බොරුපන පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාවගේ හිතවතෙකු සාදයක් සඳහා පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර ඒ අනුව, ඇය සිය සැමියා ද සමග සාදයට යාම සඳහා බොරුපන පාලම අසලට පැමිණ සිටියදී ඊයේ (23) රාත්‍රියේ පැමිණ ඇති බවයි.

එම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් පසුපැදිකරු එම කාන්තාවට මන්නා පිහියකින් පහර දී තිබෙනවා.

සිද්ධියෙන් ඇයගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බඩෝවිට ප්‍රදේශයේ කාන්තාවක්.

ඝාතනය සිදුකර පළා යාමට උත්සාහ කළ යතුරුපැදිකරු සහ පසුපැදිකරුව ප්‍රදේශවාසින් විසින් අල්ලා ගනු ලැබ තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදුකළ පසුපැදිකරු ද ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.