hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 30, ප.ව. 2:45



හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවස ඉදිරිපිටදී පියාට උදැල්ලකින් පහර දී ඝාතනය කළ පුත්‍රයා මාලඹේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය මවට ද පිහියකින් පහර දී බරපතල තුවාල සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම පහරදීමෙන් පසු පියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව සැකකරු විසින් පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 57 ක් වයසැති පුද්ගලයෙක් බවද සඳහන් වනවා

කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම සිද්ධිය වී ඇති බවට පොලීසිය පවසන අතර සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ

මෙම 28 හැවිරිදි සැකකාර පුතු පුනරුත්ථාපනයට යොමුව සිට නැවත නිවසට පැමිණ ඇත්තේද පසුගිය කාලයේදීයි

සැකකරු පහරදීමෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා.