hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 11:37



නාඋල බොබැල්ල ලේනමිය ප්‍රදේශ්යේ නිවසක තනිව රැඳී සිටී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට තිබියදී අද (06) උදෑසන සොයා ගත් බව නාඋල පොලිසිය කියයි.

මෙසේ මෙසේ කපා කොටා ඝාතනය කොට ඇත්තේ නාඋල බොබැල්ල ලේනමීය ප්‍රදේශයේ පදිංචි නිලන්ත බණ්ඩාර නැමැති රියදුරු සේවයේ නියුතු දෙදරු පියකු බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදු වූ ස්ථා්ථානයේ සිට මීටර් දෙසියයක් පමණ ප්‍රධාන මාර්ගය දක්වාම මිරිස් කුඩු තැන් තැන දමා තිබීමත් ඝාතනය සිදුකොට ඇති ස්ථානයේ අවටද මිරිස්කුඩු දියකොට තැන තැන වත් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අපරාධකරු නිල පොලිස් සුනඛයන්ට ඉව නොවැටෙන්න මෙම ක්‍රියාවලිය සිදු කළ ද එය අපරාධකරුගේ අසාර්ථක වූ උත්සාහයක් බවයි.

මියගිය අයගේ මව වන මාග්‍රට් මුණසිංහ මහත්මිය කියා සිටියේ තමන් අසල නිවසක පදිංචිව සිටින බවත් තම සුදු පුතා තනිවම මෙම නිවසේ පදිංචිව සිටින බවයි.

ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙනත් ප්‍රදේශයක ජීවත් වන බව ද ඇය සඳහන් කළා.

දින තුනකින් පමණ තමන් බැලීම් සඳහා තම පුතා නොපැමිණීම නිසා 06 දින උදෑසන හයයි විස්සට පමණ දරුවා බැලීම් සඳහා නිවසට පැමිණ බලද්දී  පිටුපස දොර විවෘත කොට තිබුණු බවත් නිවසේ පිටුපස ප්‍රදේශයේ තම පුතා වැටී සිටින අයුරු දැක ඇතැම් විට මත්පැන් පානය කොට වැටී සිටිනවා යැයි තමා සැක සිතා විදුලි පහන් නිවා දමා එළියට පැමිණීමට හදද්දි එක වැරම ලේ විලක් මැද තම පුතා වැටී සිටින අයුරු දුටු බව ඇය සඳහන් කළා.

 එමෙන්ම මියගිය  නිලන්ත බණ්ඩාර නැමැති අය ප්‍රදේශයේ “සුදු අයියා” හා ” සුද්දා” යන නම් වලින් බොහෝ දෙනා හඳුනන බවත් ඔහු මත්ද්‍රව්‍ය වලට විරුද්ධව දැඩිව ක්‍රියාත්මක වන අයෙකු බව මියගිය පුද්ගලයාගේ මව මෙන්ම සහෝදරියක හැඬූ කඳුළින් සඳහන් කළා.

එවැනි පුද්ගලයෙකු තමාව ඝාතනය කිරීම්ට උත්සාහ කරන බවට සහෝදරිය වෙත දැනුම් දී තිබුණු බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මාතලේ දිස්ත්‍රික් දෙක සහකාර පොලිස් අධිකාරී  ඩී.එම්.අයි.කේ.දිසානායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ පුළුල් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

සහකාර පොලිස් අධිකාරීවරයා අවට රැස්ව සිටි ජනතාවගෙන් යම්කිසි මේ පිළිබඳව තොරතුරක් හෝඩුවාවක් දන්නේ නම් පෞද්ගලිකව හෝ දැනුවත් කරන්නැයි ඉල්ලීමක් ද කළා.

එමෙන්ම අපරාධකරුවන් පිළිබඳව යම්කිසි හෝඩුවාවක් ලැබී තිබෙන බවත් කඩිනමින් අපරාධකරු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වන බව හෙතෙම ජනතාවට ප්‍රසිද්ධියේ දැනුම් දීම සිදු කර තිබෙනවා.

මේ පුද්ගලයා තනිවම රැඳී සිටින මෙම නිවස කුස්සිය  ප්‍රදේශයේ ඉතාමත් අමානුෂික අන්දමින් කපා කොටා මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදීවලදී අනාවරණය වී තිබෙන බවද සහකාර පොලිස් අධිකාරී දිසානායක මහතා සඳහන් කළා.

ඒ ඉදිරි පරීක්ෂණ සඳහා තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවන බවත් නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලීසිය කියයි.

 නාඋල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායම්ක් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.