hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 3:24



වව්නියාව නෙඩුන්කේනි ශිවානගර් ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩිතැබීමකින් තරුණියක් එම ස්ථානයේදීම මිය ගිය බවට නෙඩුන්කේනි පොලීසිය පවසනවා.

ශිවානගර් ප්‍රදේශයේ පදිංචි අදාල තරුණිය ඊයේ (18) රාත්‍රියේ ගෙමිදුලේ ඇති වූ ශබ්දයක් හේතුවෙන් නිවසේ දොර විවෘත කොට ගෙමිදුලට පැමිණි අවස්ථාවේදී ගේට්ටුව අසල සැඟවී සිටි අයෙකු විසින් තරුණියට වෙඩි තබා පලාගිය බවට නිවැසියන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

අදාල වෙඩි තැබීමෙන් තරුණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර වෙඩි තැබූ අය කවුරුන්දැයි යන්න නිවැසියන්ට හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැත.

මෙලෙස වෙඩිවැදීමෙන් මිය ගොස් ඇත්තේ ශිවානගර් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි දුරෙයිරාජ සිංහම් ප්‍රමිලා නැමති තරුණියක් වන අතර කිසියම් පෞද්ගලික හේතුවක් මත මෙම වෙඩිතැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටිනවා.

වෙඩිතැබීම සිදුකරන ලද පුද්ගලයින් සොයා මේ වන විට පුළුල් පරික්ෂණයක් අරඹා ඇති අතර මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් වව්නියාව මහරෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇතැයිද නෙඩුන්කේනි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.