hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 11:25



බිරිදගේ ගෙල බැදි රන්මාලය  කොල්ලකාගෙන පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු පසුපස එලවාගෙන ගිය සිව්දරුපියෙකු හදිසියේ ඇති වු හෘදයාබාධයක් නිසා මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා..

මෙලෙස මිය ගොස් ඇත්තේ අක්මිමන 03 කණුව බටදුව ප්‍රදේශයේ පදිංචි පොරඹලියනගේ අමරසේන නැමති අයෙක්.

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් සිදුකර තිබෙනවා.

මියගිය පුද්ගලයා තම බිරිද සමග බටදුව ප්‍රදේශයේ වෙළදසැලක් පවත්වාගෙන යන  අතර ඉකුත් 25 වැනි දින කොල්ලකරුවන් දෙදෙනා පැණි බෝතලයක් ලබා ගන්නා මුවාවෙන් වෙළදසැලට පැමිණ මෙකි කාන්තාවගේ ගෙලබැදි පවුම් දෙකක් පමණ බර රන්මාලය කොල්ලකාගෙන පලා ගොස් තිබෙනවා.

පසුව මෙම කාන්තාවගේ සැමියා හා පුතා ඇතුළු පිරිසක් යතුරුපැදිවලින් කොල්ලකරුවන් පසුපස  එලවාගෙන ගොස් තිබෙනවා.

යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි මොහු  හිරළුගොඩ කනත්ත අසලදි පපුව රිදෙන බව කියා යතුරුපැදිය නතරකොට ඇති අතර පසුව ඔහුව පුතා විසින් ත්‍රිරෝද රථයකින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇති අතර හදිසි ප්‍රථිකාර ඒකකයේ දි මොහු මියගොස් තිබෙනවා.

 මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර මහතා විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා රුධිර පිඩනයෙන් පෙලිම නිසා ඇතිවු හෘදයාබාධයකින් මොහු  මියගොස් ඇති බවට තින්දු කර තිබෙනවා.