hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 3:21



මට්ටකුලිය ප්‍රදේශයේදී අද (28) පෙරවරු 11.15ට පමණ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

වාහනයකින් පැමිණි දෙදෙනෙකු අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනයට ලක් වී ඇති බවයි.

ඝාතනයට ලක් වී ඇති පුද්ගලයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකු බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එවැනි තොරතුරක් පිළිබඳව අනාවරණය වූ බවට මෙතෙක් තහවුරු කිරීමක් කළ නොහැකි බවයි.