hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 28, පෙ.ව. 11:14



රත්නපුර, නිරිඇල්ල ප්‍රදේශයේදී උපාධිධාරී තරුණියක තියුණු ආයුධවලින් කපා කොටා අබිරහස් ලෙස ඝාතනය කර තිබියදී ඊයේ (27) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 25 වන වියේ පසු වූ එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි සචිනි ජිනාදරී ජයසිංහ යන අයයි.

ඇයගේ මෘත දේහය නිවෙසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී සොයාගත් බව පොලිසිය පැවැසුවා.

සුපුරුදු පරිදි ඇය ඊයේ දින ද පෙරවරු 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට නිවෙසින් පිටත්ව ගොස් තිබෙනවා.

ඇයගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවැසියන් සිදුකළ සොයා බැලිමේදී ඇයගේ මෘත දේහය මෙලෙස සොයා ගෙන තිබෙනවා.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උපාධිධාරිනියක්.

දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ද ඊයේ දින පවත්වා තිබෙනවා.

ඇයගේ දෙපා පමණක් පෙනෙන ලෙස ඇයව බෝක්කුව ඇතුළට දමා තිබූ බව ද පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනවා.