hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මැයි 04, ප.ව. 4:49



පල්ලෙකැලේ පොලිස් වසමේ කලාපුරය නත්තරම්පොත ප්රදේශයේ නිවසකදී පෙම්වතියට පහර දී ඝාතනය කර පළාගිය බව කියන පුද්ගලයෙකු සොයා පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

එසේ ඝාතනයට ලක්ව ඇත්තේ පිළිමතලාව ප්රදේශයේ පදිංචිකාරියක වන වරුණි නිරෝෂා කුමාරි (36) නමැති අවිවාහක කාන්තාවක්.

ඊයේ (03) රාත්‍රියේ හෝ අද (04) දින අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බව පවසන පොලිසිය සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවද කියයි.

පල්ලෙකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පොලීසිය පවසයි. මියගිය කාන්තාවගේ නිරුවත් මල සිරුරේ තැලීම් තුවාල රැසක් දක්නට ලැබී තිබෙන අතර මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (05) සිදු කිරීමට නියමිතයි. 

අදාළ කාන්තාවගේ පෙම්වතා බව කියන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.