hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 ජූනි 15, පෙ.ව. 9:28



ඌරුබොක්කේදී හා වෙන්නප්පුවේදී තරුණ කතුන් දෙදෙනකු ඊයේ (14) තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඌරු බොක්ක දම්පහළ මහ විදුහලේ තරුණ ගුරුවරියක ඊයේ දහවල් ගෙළ කපා මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක් වූයේ විසි නව හැවිරිදි තරුණිය ඌරුබොක්ක දොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය ඊයේ පාසල නිමවා බස් රථයකින් පැමිණ නිවස කරා පාගමනින් යද්දී ඝාතකයා ඇගේ ගෙළ තියුණු ආයුධයකින් කපා පසුව ඇගේ පපු ප්‍රදේශයට ද පිහි පහර එල්ල කර ඇතැයි සඳහන්.

ඇගේ මර ළතෝනිය ඇසුණු ඒ අවට පිරිස ඇය ලේ පෙරාගෙන ඇද වැටී සිටි ස්ථානයට රොක්වීමත් සමග ඝාතකයා ඇය අතහැර පළා ගොස් තිබෙනවා.

පසුව ඇය ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර ඇතත් ඇය ඒ වන විට ත් මියගොස් තිබූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් පසු සැකකාර තරුණයා සිද්ධිය වූ ස්ථානයේ තිබූ ගසක නැග සැඟව සිටි අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම ප්‍රදේශය වට කර තිබුණා.

පසුව ඔහු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වෙනවා.

සැකකරු මරා දැමුණු තරුණියගේ පෙම්වතා බවටද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වසර 10ක කාලයක් තිස්සේ ඇය ඔහු සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට මහෙස්ත්‍රාත්වරයා ද කැඳවීමට පොලිසිය කටයුතු කර තිබුණා.