hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 18, පෙ.ව. 3:20



මතුගම පැලවත්ත නගර මධ්‍යයේ පෙරේදා පස්වරුවේ පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් පස් හැවිරිදි අයෙක්.

මියගිය පුද්ගලයාගේ කකුලේ ඇතිවූ තුවාලයකට බෙහෙත් දමා ගැනීමට පැමිණ සිටියදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.