hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 26, ප.ව. 4:01



සිද්ධිය වූ දින රාත්‍රි 7.30ට පමණ ගුන්ඩෙන් යන අය ඔහුගේ නිවෙසට පැමිණ ‍ෙදාර වසා කැසට් යන්ත්‍රය මහ හයියෙන් ක්‍රියාත්මක කර ටික මොහොතකින් ‍ෙදාර විවෘත කර ලීයක් අතැතිව එළියට පැමිණ එකෙක්වත් අපේ ගෙදරට එන්ට එපා. ආවොත් තොපි මරනවා යැයි කියා නැවතත් නිවෙසට ගොස් ‍ෙදාර වසාගත් බවත් පසුව රාත්‍රි නවයට පමණ නිවෙසේ අසනීපව සිටි වල්ලි අම්මා මට ගහන්න එපා කියා කෑ ගහන ශබ්දයක් නිවෙස තුළින් ඇසුණ බවත් රංගල, ලෝලුගම වතු යායේ පදිංචි ක්‍රිෂ්ණන් මහේෂ්වරි (56) මහත්මිය මහෙස්ත්‍රාත් පරික්ෂණයේදී සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ රංගල පොලිස් වසමේ ලෝලුගම වතු යායේ නිවෙසක පදිංචිව සිටි රාමසාමි වල්ලි අම්මා නමැති වයස අවුරුදු අසූ පහක කාන්තාවකට පොල්ලකින් පහරදී බරපතළ ලෙස තුවාල කොට ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ ශිරෝමි ප්‍රබෝධිකා නියාගම මහත්මිය ඉදිරියේ පසුගිය දහහත් වැනි දින සවස පැවැත්වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදීයි.

රංගල, ලෝලුගම, අංක 10/4 දරන ලැයින් කාමරයේ පදිංචි ක්‍රිෂ්ණන්ම හේෂ්වරි (වයස 56) මහත්මිය එහිදී සාක්ෂි දෙමින් මෙසේ කියා තිබෙනවා.

තමන් දරුවන් සමඟ මෙම ලැයින් කාමරයේ පදිංචිව සිටින බවත් සිද්ධිය වූ දින ගුන්ඩෙන් යන අය රාත්‍රි හතයි තිහට පමණ ඔහුගේ නිවෙසට පැමිණ ‍ෙදාර වසා කැසට් යන්ත්‍රය මහ හයියෙන් ක්‍රියාත්මක කර ටික මොහොතකින් ‍ෙදාර විවෘත කර ලීයක් අතැතිව එළියට පැමිණ එකෙක්වත් අපේ ගෙදරට එන්ට එපා ආවොත් තොපි මරනවා කියා නැවතත් නිවෙසට ගොස් ‍ෙදාර වසා ගත් බවත් පසුව රාත්‍රි නවයට පමණ එම නිවෙස දෙසින් නිවෙසේ අසනීපව සිටි වල්ලි අම්මා මට ගහන්න එපා කියා කෑගහන ශබ්දයක් ඇසුණ බවත් පසුව අසල්වාසීන් සමඟ එම නිවෙසට ගොස් ගුන්ඩෙන් යන අයගේ නිවෙසේ සිදුවන දේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටි බවත් ඒ අවස්ථාවේදී වල්ලි අම්මා ගහන්න එපා පුතා, ගහන්න එපා පුතා යනුවෙන් කිහිප වරක්ම කෑ ගසනු ඇසුණ බවත් ඇය වැඩිදුරටත් සාක්ෂි දෙමින් කීවා.

කැසට් එකේ ශබ්දය නිසා වෙන කිසිවක් ඇසුණේ නැති බවත් ඇය සඳහන් කළා.

රංගල ලෝලුගම වතු යායේ පදිංචි රාමන් රාජ් මොරින් සුරේෂ් (වයස 29) මහතා සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියා.

මියගොස් සිටින්නේ මගේ අම්මාගේ මවයි. ඇයට වයස අවුරුදු අසූ පහක් පමණ වෙනවා. සිද්ධිය වූ දින ඇය නිදා ගෙන සිටි ඇඳ කඩා වැටී එහි ලෑලි මත හිරවී සිටි බවත් නිකටෙන් හා කන් ප්‍රදේශයෙන් ලේ ගලා තිබුණ බවත් අත්තම්මා රෝහල වෙත ගෙන යෑමට මාමාට කතා කළත් ඔහු බීමත්ව සිටි නිසා නොහැකි වූ බවත් සඳහන් කළා.

මෙම මරණය පිළිබඳව පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ ශිරෝමි ප්‍රබෝධිකා නියාගම මහත්මිය රංගල පොලිසියට නියෝග කළා.

රංගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වූවා.