hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 24, පෙ.ව. 11:43



බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇතැයි පොලීසිය පවසනවා.                                                       

බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේදි ඊයේ (23) රාත්‍රි 7.30ට පමණ මෙම මිනිමැරුම සිදු වී ඇති අතර මියගොස් ඇත්තේ බලංගොඩ බුලත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින උඩූගම සූරියගේ අමිල නමැති 41 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

මියගිය අයගේ නිවස ආසන්නයේදි ඔහු ඝාතනය කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර යතුරු පැදියද එම ස්ථාණයේ දමා පළා ගොස් තිබුණා.

පසුව එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.                                                  

තුවාලකරු ඔහුගේ නිවසේ අය විසින් බලන්ගොඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු බලන්ගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

පශ්චාත් මරණ පරික්ෂණය බලංගොඩ මුලික රෝහලේ දී පැවත්විමට නියමිතයි.   

බලන්ගොඩ මුල්ස්ථාන පොලිස් පරික්ෂක දමිත් ජයකොඩි මහතාගේ මෙහයවිමෙන් පරික්ෂණ සිදු කෙරෙනවා.

පුද්ගලික ආරවුලක් මෙම සිද්ධියට හේතුව බව පරික්ෂණ වලදි හෙළි වි තිබෙනවා.

කහවත්ත – ලසන්ත නිරෝෂණ පෙරේරා