hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2022 මැයි 07, ප.ව. 4:38



යාපනය ඌරේලු ප්‍රදේශයේදී අවුරුදු 03 ක් වයසැති කුඩා දරුවෙකු ළිඳට වැටී මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

ඌරේලු බටහිර ප්‍රදේශයේ පිහිටි අදාල නිවසේ දරුවන් දෙදෙනෙකු ඔංචිල්ලාවක් මත සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ඔවුන්ගේ මව විසින් දරුවන්ට විස්කෝත්තු දී කිරි සාදා දීමට නිවසට ගොස් ආපුස පැමිණෙන විට එක් දරුවෙකු නොමැති වීමෙන් සොයා බැලුවද සොයා ගැනීමට නොහැකිව තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් සමග නිවසේ ඉඩමේ පිහිටි ළිඳ පරික්ෂා කිරීමේදී දරුවා ළිඳට වැටී ඇති බවට අනාවරණය වීමෙන් පසුව දරුවා ළිඳෙන් ගොඩට ගෙන රෝහල්ගත කලද ඒ වන විටත් දරුවා මිය ගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ ඌරේලු බටහිර ප්‍රදේශයේ පදිංචි තුන්හැවිරිදි දරුවෙකු වූ ක්‍රිෂ්ණකාන්තන් සිද්දාත් වන අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.