hit counter

2024 දෙසැම්‍බර් මස 14 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 06, ප.ව. 8:58



උපකාරක පන්ති යන අතරේ දුම්රිය මාර්ගය දිගේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගල කපා තුවාල කර ඔහුගේ අතේ තිබූ බෑගය උදුරාගෙන පළා ගිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව මීරිගම පොලිසිය කියයි.

මේ සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පාසල් සිසුවකු බව පොලිසිය කියයි.

බස්රථයකින් මිරිගම බස් නැවතුම්පළට පැමිණි මෙම සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කර ඇතැයි ද එසේ යන අතර දී ඔවුන් දෙදෙනා කෑගසාගෙන ආපසු එනවා පිටුපසින් ගමන් කළ තවත් පාසල් සිසුන් දෙදෙනකු දැක ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මෙම සිසුන් වෙනදත් උපකාරක පන්තිය සඳහා ගමන් කර ඇත්තේ දුම්රිය මාර්ගය දිගේ බවද පන්තිය ආරම්භ කිරීමට කාල වේලාව පවතින නිසා මෙසේ තවදුරටත් දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට යද්දී මේ සිද්ධිය වී ඇතැයි හෙළි වී ඇත.

ගෙල කපා බෑග් එක පැහැර ගැනීමත් සමග ආපහු දිව ගිය අනිත් සිසුවා තුවාල කාර සිසුවා මීරිගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සිසුවාගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.

පිටුපසින් ගමන් කළ සිසුන් දෙදෙනා දුරකථනය බලමින් ගමන් කර ඇති නිසා සිදු වූ සිද්ධිය පිළිබඳව දැක නැති අතර ඉදිරියෙන් ගිය දෙදෙනා කෑගහනවා ඇසි බලද්දී පුද්ගලයෙකු විල්වත්ත රේල් ගේට්ටුව දෙසට දිව යනවා දැක ඇතැයි හෙළි වී ඇත.

උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා තිබියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය ට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා.

Example Image