hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 11:53



අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න – නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිරිහාන පොලීසිය විසින්.

මිරිහාන පොලිසියට දුරකථන ඇමතුමකින් වාර්තා වූයේ අතුරුදහන් වූ බව කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ සැඟ වී සිටින බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාල නිවසට පැමිණෙන විට අතුරුදහන් වූ බව කියන පුද්ගලයා එම නිවසේ සැඟව සිටිය දී පොලිසියට හමු වී තිබෙනවා.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට නවාතැන් දුන් ඔහුගේ මිතුරා ද අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, එහිදී පොලිසියට ඔහු පවසා ඇත්තේ ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ තමා අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බවයි.