2023 ජනවාරි 18, ප.ව. 8:48
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතව සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයෙන් අනතුරුව ඇයගේ නිවසට ද ගිනි තබා ඝාතකයන් පලාගොස් තිබෙනවා.
හැටපස් හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.
2023 පෙබරවාරි 03, පෙ.ව. 11:20
2023 පෙබරවාරි 02, ප.ව. 7:57
2023 පෙබරවාරි 02, ප.ව. 5:39
2023 ජනවාරි 31, ප.ව. 5:56
2023 ජනවාරි 30, ප.ව. 3:20