hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 28, ප.ව. 2:01



අම්බලන්තොට බෝලාන රුහුණු රිදීගම තුනේ  කණුව ප්‍රදේශයේ   නිවසක පදිංචිව සිටි අඹු සැමි යුවළක් ඔවුන්ගේ නිවස තුළදී ඊයේ (27) පෙරවරුවේ කපා කොටා ඝාතනය කර තිබෙන බව අම්බලන්තොට පොලීසිය සඳහන් කරනවා.

මෙම අඹුසැමි යුවළ ඝාතනය කළේ යැයි සැක කෙරෙන ඝාතනයට ලක්වූ පිරිමි පුද්ගලයාගේ මස්සිනා අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අම්බලන්තොට බෙලිගාලගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු නිවසට කඩා වැදී පොරොවකින් සහ කැත්තකින් පහර දී මෙම අඹුසැමි යුවළ මරා දමා ඇති බව පොලීසිය සඳහන් කරනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ 61 හැවිරිදි වෙන්ගප්පුලී ආරච්චිගේ සුනිල් සහ 56 හැවිරිදි හේවාමානගේ කුසුමලතා යන අඹු සැමි යුවළයි.

කාලයක් තිස්සේ සිට පැවති බව කියන ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකර තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි දැනට සිදුකර තිබෙන පොලිස් පරීක්ෂණ අනුව සොයා ගෙන තිබෙනවා.

සිද්දිය වූ නිවසේදී අද සවස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකරනවා.