hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, ප.ව. 5:39



දින කිහිපයක සිට අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර ඔහුට අයත් තලංගම, පැලවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවසේ පිහිනුම් තටාකයේ තිබී හමුවූ බව තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස අබිරහස් ලෙස මියගොස් තිබුණේ, වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නමැති 49 හැවිරිදි පුද්ගලයෙක්.

ඉකුත් 30 වන දින නිවසින් පිටත්ව ගිය සිය සහෝදරයා මෙතෙක් නිවසට පැමිණියේ නැති බව පවසමින් මියගිය පුද්ගලයාගේ සහෝදරිය විසින් ඊයේ (01) වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබෙනවා.

ව්‍යාපාරිකයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන් ම, නුගේගොඩ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.