hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 02, ප.ව. 7:57


WhatsApp
Telegram

දැරණියගල පොලිස් වසමේ, මලන්දෙණිය ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු හමු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද (02) උදෑසන ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

මරණකාරියන් දෙදෙනා වයස අවුරුදු 49 හා 51 වන වියේ පසුවන සහෝදරියන් බවට ත් ඔවුන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති බවට ත් එහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම නිවසේ මරණකාරියන්ගේ වයෝවෘධ මව රෝගී තත්ත්වයෙන් සිට ඇති අතර ප්‍රතිකාර සඳහා දැරණියගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවා.

මරණවල හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.