hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2022 ජූනි 05, ප.ව. 5:19



වයස අවුරුදු එකහමාරක කුඩා පිරිමි දරුවෙකු ඇළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කිලිනොච්චිය – කරඬිබොක්කුව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඊයේ පස්වරුවේ අදාළ දරුවා නිවස අසළ ඇළකට වැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

දරුවාගේ මව නිවසේ ළිඳ අසළ රෙදි සෝදමින් සිටියදී ඔහු තම අවුරුදු 6 ක් වයසැති සොහොයුරා සමඟ සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

ඒ අතරතුර විවෘතව තිබූ ගේට්ටුවෙන් එම දරුවා ඇළ දෙසට ගමන් කිරීමේදී ඇළට වැටී ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව දරුවා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.