hit counter

2023 මාර්තු මස 28 වන අඟහරුවාදා

2023 මාර්තු 07, ප.ව. 7:44


WhatsApp
Telegram

වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි අද (07) දින මව, පියා සහ දරුවන් දෙදෙනකුගේ වන මළ සිරුරු හතරක්  සොයාගත් බවට වවුනියාව පොලිසිය පවසනවා.

මියගිය අය පිළිබඳව අසල්වැසියෙකු නිවසට ගිය අවස්ථාවේදී පියා ගෙල වැලලාගෙන සිටිනු දැක ඒ පිළිබඳව වව්නියාව පොලීසිට දැනුම් දී තිබෙනවා.

පසුව පොලීසිය අදාල නිවසට ගොස් පරික්ෂා කිරීමේදී පියා ගෙල වැලලාගෙන් සිටි බවටත් මව නිදන කාමරයේ නිදා සිටියදී මිය ගොස් ඇති අතරම දරුවන් දෙදෙනා සෝපා පුටුවක නිදා සිටියදී මිය ගොස් සිටයදී මළසිරුරු සොයාගනු ලැබුවා.

ගුඩුසේඩ් ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 42 වූ පියා වන කේ.සිවපාද සුන්දරම්, මව වූ අවුරුදු 36ක් වයසැති කේ.වර්දරායිනි, 09 හැවිරිදි කේ.කේසරා සහ 03 ආකියෝර් නැමති සිව් දෙනෙකුගේ මළසිරුරු හමු වී තිබෙනවා. 

මිය ගිය පියා ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ ව්‍යාපාරයක් සිදු කොට ඇති අතර මව ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිට ඇති අතරම මවට සහ පියාට ඇති වූ පීඩණයක් හේතුවෙන් මෙලෙස සියදිවි නසාගන්නට ඇතැයි සැක පල කරන අතරම මිය යාමට නිශ්චිතවම හේතුව අනාවරනය වී නොමැති බවටද පොලීසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීණ් හා ඥාතීන් පවසා ඇත්තේ මව සහ පියා කිසියම් ණය ගැටලුවක් නිසාවෙන් පීඩා විඳි බවටයි.

මිය ගිය අයගේ මළසිරුරු මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් අනතුරු මරණ පරික්ෂණ කටයුතු සඳහා වව්නියාව මහරෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවටත් අදාල සිදුවීම පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.