hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 28, පෙ.ව. 10:11



යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේදී පසුගිය 22 වනදා නිවසක් තුලදී සිදුවූ තියුණු ආයුධ පහරදීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිට වයෝවෘද්ද කාන්තාවද (6 වන මරණය) ඊයේ (27) දින මිය ගොස් ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පවසනවා.

අදාල කාන්තාව අවුරු 100 ක් වයසැති පූරණම් නැමති මෙම වයෝවෘද්ද කාන්තාව බරපතල තුවාල සහිතව ඩෙල්ෆ් රෝහලට ඇතුලත් කොට පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

පසුගිය 22 වනදා නිවසකට ඇතුල් වූ අයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකල පහරදීමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු මිය ගොස් සිටියදී මළසිරුරු ඩෙල්ෆ් පොලීසිය විසින් සොයාගත් අතර එහිදී අවුරුදු 100 ක් වයසැති කාන්තාවද බරපත කැපුම් තුවාල සහිතව සිහිසුන්ව සිටියදී පොලීසිය විසින් රෝහල්ගත කරනු ලැබුවා.

කේසේ වෙතත් අදාල ඝාතකයා රන්ආභරණ කොල්ලකෑමට පැමිණීමෙන් නිවැසියන් ඔහුව හඳුනාගැනීම හේතුවෙන් මෙම මරණයන් සිදුකොට ඇතැයිද ඝාතකයා යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුල රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇතැයිද පරික්ෂණ සිදුකරන ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.