hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 29, පෙ.ව. 4:14



පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තරුණයෙකු රෝහල තුළදී, පහරදුන් පුද්ගලයන් පැමිණ යළි තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි අයෙක්.

පෙරේදා (27) පස්වරුවේ ඔහු රෝහල්ගතව ඇත්තේ පුද්ගලයින් කිහිපදෙනෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබීම හේතුවෙන්.

ඊයේ උදෑසන 05ට පමණ තියුණු ආයුධයක් සඟවාගෙන රෝහල තුළට ඇතුළු වූ පහරදීමට සම්බන්ධ අයෙකු අදාළ තරුණයා මෙලෙස ඝාතනය කර තිබුණා.