hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 23, ප.ව. 3:26



 හොරණ පොකුණුවිට තිබ්බොටුගොඩ වැඩිහිටි නිවාසයක හාන්සි පුටුවක් මත මියගොස් සිටි වයෝවෘද්ධ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකයක් හටගෙන ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් තිබුණේ හල්තොට යාලගල ප්‍රදේශයේ පදිංචිව සිටි නානයක්කාර වසම්ගේ මේරි නෝනා නැමැති 88 හැහැවිරිදි  වයෝවෘද්ධ කාන්තාවක්.

එම කාන්තාව හා හාන්සි පුටුවේ සිටියදී හදිසියේ මිය ගොස් ඇති බවට වැඩිහිටි නිවාසයේ භාරකරු හොරණ පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වැඩිහිටි නිවස වෙත ගොස් මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළා.

අනතුරුව හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නියෝග මත මළ සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බව පොලිසිය සඳහන් කර සිටියා.

එහිදී මරණකාරියගේ දණහිසත් වලලු කරත් අතර අස්ථිය කැඩී ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරී පණීත  සෙනවිරත්න මහතා විසින් වෛද්‍ය වාර්තා වේ වාර්තාවේ සඳහන් කර තිබීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ නියෝග මත මෙම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වනවා.

පානදුර කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූවා.

මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලබා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.