hit counter

2025 පෙබරවාරි මස 19 වන බදාදා

2023 ජූනි 25, ප.ව. 5:09



මහනුවර තැන්නකුඹුර ප්‍රදේශයෙන් මහවැලි ගඟට බැස දිය නෑමට ගිය  පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙම සිසුන් දෙදෙනා තවත් සිසු පිරිසක් සමඟ ඊයේ (24) පස්වරු 5.00 ට පමණ දිය නෑමට ගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

ප්‍රදේශවාසීන් විසින් සිසුන් දෙදෙනා ගොඩගෙන රෝහල්ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ එක් සිසුවෙකු මියගොස් තිබෙනවා.

අනෙක් සිසුවා මියගොස් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ  සහ තැන්නකුඹුර විද්‍යාලෝක විදුහලේ 10 වැනි ශ්‍රේනියේ අධ්‍යාපනය ලබමින් සිටි ඕෂාන් මලීෂ හා සඳුන් දිල්ෂාන් ප්‍රනාන්දු නැමැති සිසුන් දෙදෙනා මෙලෙස මියගාස් තිබෙන බව පොලීසිය පවසනවා.

ඔවුන් අම්පිටිය සමාධි ජනපදය හා අම්පිටිය පල්ලේගම පදිංචිකරුවෝ වෙනවා.

මෙම සිසුන් මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ පැවැති චිත්‍ර වැඩසටහනකට සම්බන්ධ වී එය අවසන් වීමෙන් පසු මහවැලි ගඟේ දිය නෑමට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

මහනුවර – කමල් සුරවීර