hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 10:47



තරුණයෙකු සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් සැඩ පහරට හසු වී ඉකුත් 01 වනදා අතුරුදහන් වු අවු 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) දින පස්වරුවේ හමු වූ බව නාවලපිටිය පොලීසිය පැවසුවා.

මෙසේ සොයාගනු ලැබුවේ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිට සිතුමිණි සුගන්‍යා නැමති තරුණියගේ සිරුරයි.

ජිවිතක්ෂයට පත් තරුණිය සිය පෙම්වතා සමග ඉකුත් 01 වනදා නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ ආපසු නිවස කරා යන අවස්තාවේ එදින නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වි ඇති අතර ඉන් තරුණයා දිව බේරාගෙන තිබුණා.

සැඩ පහරට හසු වි අතුරුදහන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණද ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ගලබොඩ ඇළේ ජල ධාරිතාව ඉහල ගොස් තිබු නිසා සිරුර සොයාගැනිමට නොහැකි වුණා.

ඊයේ (04) පස්වරුවේ ගලබොඩ ඇළේ කාන්තා මල සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් නාවලපිටිය පොලිසිය කල දැනුම්දිමක් මත අතුරුදහන්ව සිටි තරුණියගේ ඥාතින් සමග නාවලපිටිය පොලිසියේ නිලධාරින් සිරුර හමු වු ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි එම සිරුර අතුරුදහන්ව සිටි තරුණියගේ සිරුර බව ඇයගේ ඥාතින් විසින් හදුනාගෙන තිබෙනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ