hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 4:51



 ගාල්ල නාගොඩ මංසන්දියේ පැවැත්වෙන නිකිණි මේලා සැණකෙළියේ මාරක ළිදේ යතුරුපැදි ධාවනය කිරීම සඳහා පැමිණි යතුරුපැදි ධාවකයා නාගොඩ පාළම මත සිට පිහිනිම සදහා ගිංගඟට පැන ඇති අතර ගංගේ ජලපහරට හසුවී ඔහු අතුරුදහන් වි ඇති බැව් නාගොඩ  පොලිසිය පවසනවා.

ධාරාණිපාත වාර්ෂාවත් සමග ගිංගඟේ ජල මට්ටමද වැඩිවි ඇති අතර අතුරුදහන් වු යතුරුපැදි ධාවකයාගේ සිරුර අද (03) උදෑසන වනවිටත් සොයා ගැනීමට නොහැකිවි ඇති බව පොලිසිය පවසනවා.

අයහපත් කාලගුණික තත්වයත් සමඟ ගංගාවේ ජලය බොරපැහැයට ලක්ව ඇති නිසා අතුරුදහන් වු  පුද්ගලයාගේ සිරුර සොයා ගැනීම නාවික හමුදාවට පවා අපහසුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ මීගමුව දළුකතේ ප්‍රදේශයේ පදිංචි ඉන්දික පිරිස් නැමති (42) හැවිරිදිවියේ පසුවන අයෙක්.

ඔහු තම මිතුරකු සමඟ නාගොඩ පාලම මත සිට පිහිනිම සදහා ගිංගඟට පැන ඇත. මි

තුරා දිවි බේරාගෙන ඇත.

දිවිබේරාගත් ඉන්දිකගේ මිතුරා මෙසේ සඳහන් කළා.

“31 වැනි සිකුරාදා තමයි මෙම සිද්ධිය වුනේ. එදා මගේ උපන්දිනය යෙදි තිබුනා. අපි දෙන්නා පොඩ්ඩක් මත්පැන් පානය කළා. පස්සේ අපි දෙන්නා පාළම  අත්දෙක අල්ලාගෙන පාළම දිගේ ආවා. මම පාලම උඩ සිට පැන්නා. ඉන්දික පාලම ඇතුලෙන් රිංගලා තමයි පැනලා තියෙන්නේ. ගගේ මම පහලට ගසාගෙන යනවිට ඉන්දික එකපාරක් විතර යට ගියා. මම ඔහු සමග කථා කර කර ගියා පරක්කු වැඩියි උඹ  ඉක්මන්ට වරෙන් කියලා. මම ගංගාවේ  ඉවුර දිගේ ගිහින්  ගොඩට ආවා. ඊට පස්සේ ඉන්දික යටගියා උඩට ආවේ නැහැ. පස්සේ දෙවැනි වතාවටත් ගංගාවට බැහැලා ඉන්දික කියලා කැගැසුවා නමුත් ඉන්දික දැක්කේ නැහැ.”

අතුරුදහන් වි ඇති පුද්ගලයාගේ සිරුර සෙවිම සදහා පොලිසිය විසින් ප්‍රදේශවාසින්ගේ සහයෝගය ඇතිව මෙහයුමක් ආරම්භකොට ඇත.

ඇද හැලෙන ධාරාණිපාත වාර්ෂාව ඒ සදහා දැඩි බාධාවක් වී ඇති බව පොලිසිය පවසයි.

නාගොඩ පොලිසිය පරික්ෂණ පවත්වයි.