hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 5:07



නාගොඩ පාලම මතින් පිහිනීම සඳහා ගිං ගඟට පැන අතුරුදන්ව සිටි ප්‍රසංගවල මාරක ලිඳේ යතුරුපැදි ධාවනය කරනු ලබන  ධාවකයාගේ මළසිරුර අද (03) උනන්විටිය පාලම අසලට ගොඩ ගසා තිබියදී සොයාගත් බැව් නාගොඩ පොලිසිය පවසනවා.

මොහු නාගොඩ ප්‍රදේශයේ පැවැත්වෙන ප්‍රසංගයක් සඳහා මාරක ලිඳේ යතුරුපැදි ධාවනය කිරීම සඳහා පැමිණි අයෙක්.

ඉකුත් 31 වන දින මොහු මිතුරකු සමඟ පිහිනීම සඳහා නාගොඩ පාලම මතින් ගිං ගඟට පැන ඇත.

ගඟේ ජල පහරට හසුවී මොහු අතුරුදන් වී තිබුණා.

මෙම පුද්ගලයාගේ සිරුර ගිං ගඟට පනිනු ලැබූ  නාගොඩ පාලම අසල සිට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි උනන්විටිය පාලම අසල තිබී සොයාගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇත.

නාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.