hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 6:58



ඉන්දියාවේ, චත්තිස්ගාර් ප්‍රාන්තයේ සිටි 24 හැවිරිදි රූපල් ඔග්‍රේ (Rupal Ogrey) නම් ගුවන් සේවිකාවක් මුම්බායිහි පිහිටි ඇගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී ඊයේ සවස සොයාගෙන තිබෙනවා.

ඇය අභ්‍යාසලාභී ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධ කඩිනම් මෙහෙයුමකදී මෙම ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 හැවිරිදි පිරිසිදුකරන්නෙක් ලෙස සේවය කරන අයෙක් වන අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

රූපල්ගේ පවුලේ සාමාජිකයින් මුම්බායි හි සිටින ඇගේ මිතුරන්ගෙන් ඉල්ලා ඇත්තේ, ඇය ඊයේ දිනය තුළ ඔවුන්ගේ ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා සොයා බලන ලෙසයි.

පසුව ඇගේ මිතුරන් එහි ගොස් ඇති අතර මහල් නිවාසය ඇතුළතින් අගුළු දමා තිබෙනු දැක තිබෙනවා. ඒ පිළිබඳව කළ දැනුම් දීම් මත පොලීසිය ක්‍රියාත්මකව ඇති අතර නිවසේ අගුළු කඩා බැලීමේදියි රූපල් මියගොස් ඇති බව දැක ඇත්තේ.

අනතුරුව ඇගේ සොහොයුරිය සහ ඇගේ පෙම්වතා රායිපූර් හි අනෙකුත් පවුලේ සාමාජිකයින්ට මෙම ඛේදවාචකය පිළිබඳව දන්වා ඇති බව සඳහන්.

ඇය මීට මාස හයකට පෙර මුම්බායි වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ගුවන් සමාගමක පුහුණු පාඨමාලාව සඳහා‍යි.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාජවාඩි රෝහලට යවා ඇති අතර පොලිසිය සිදුවීම සම්බන්ධ ඉදිරි විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.