hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:52



ගල්කිස්ස ‘‘බ්ලූඕෂන්‘‘ මහල් නිවාස සංකීර්ණයේ නිවසක පදිංචිව සිටි විදෙස් තරුණියක් එහි 13 වැනි මහළෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (09) අලුයම 2ට පමණ මෙය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

සිනනයියා අලගේෂ්වරන් රොමීනා නමැති අදාළ තරුණිය එංගලන්තයේ පදිංචිකාරිණියක වන අතර ඇය පසුගිය අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන තිබෙනවා.

පසුව දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති අතර තරුණිය ලංකාවට පැමිණ ඇත්තේ අදාළ නීති සිසුවාගේ ආරාධනයකට අනුවයි.

ගල්කිස්සේ අල්විස් මාවතේ පිහිටි මෙම නිවාස සංකීර්ණයේ නිවසක් අන්තර්ජාලය හරහා කුලියට ගෙන ඇති ඇය කුලී පදනම මත එම නිවසේ පදිංචිව සිට තිබෙනවා.

අදාළ තරුණිය හෙට (10) දිනයේදී නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අද අලුයම මෙම තරුණිය සහ නීති සිසුවා අතර බහින්බස්වීමක් සිදුවී ඇති බව ගල්කිස්ස පොලිසිය ප්‍රකාශ කළා.

මෙම තරුණියගේ මරණය අත්වැරදීමකින් සිදුවූවාද?, සිය දිවි නසාගැනීමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

තරුණියගේ පෙම්වතාවන වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයා පොලිස් භාරයට ගෙන ඇති අතර ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.